Wednesday, December 17, 2014

අපේ දරුවන්ගෙ අනාගතය

ලෝකයේ ම පුංචි පැටව් දෙමව්පියන් වැඩිහිටියන් සහ සහෝදර සහෝදරියන් සමග මුල් අවුරුදු තුන හතර සෙල්ලම් කරද්දි අපේ පැටව් එලකියුෂන්, ස්විමිං, ඩාන්සිං, ඉංග්‍රීසි ආදී ටියුෂන් පන්ති යනව.  අවුරුදු 18 සම්පූර්ණ වුනත් අපේ දරුවන්ට තනියම පාර පනින්න බෑ.  තනිව ම සපත්තුවෙ ලේස් එක ගැට ගහගන්න බෑ.  තමන්ගෙ රෙදිටික සෝදා ගන්න බෑ.  තමන්ගෙ අසනීපයකට සුළු බෙහෙතක් දන්නෙ නෑ.  කෑම ටිකක් උයාගන්න බෑ.  පොළට ගිහින් එළවළු ටිකක් ගේන්න බෑ.  කාර්යාලයකට බැංකුවකට ගිහින් තමන්ගෙ වැඩක් කරවගන්න බෑ.  මේක නම් කරුමයක් ම තමයි.

Thursday, December 4, 2014

නිදහස් අධ්‍යාපනයේ පියා

නිදහස් අධ්‍යාපනයේ පියා.

සී. ඩබ්. ඩබ්. කන්නන්ගරයන් ගැන අප දන්නා කරුණු ස්වල්ප ය.  එතුමා ජීවිත කථාව සාර්ථක ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන සියල්ලන්ටත්, නූතන දේශපාලනඥයන්ටත් හැදෑරීම වටී.  කරුණු සොයාගෙන යද්දී මට හමුවුණු වටිනා පොත් පිංචක් මීට යා කොට හැමගේ දැනගැනීම සදහා ඉදිරිපත් කරමි.

සොයන්න  -  කන්නන්ගර චරිතය/ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර/C.W.W. Kannangara

Tuesday, May 27, 2014

කුඩා පාසල් සංවර්ධනය කිරීම සදහා ලංකාවේ 3 වර්ගයේ පාසල්වල සැබෑ තත්ත්වය වාර්තා කිරීම පිණිස තොරතුරු දත්ත එක්රැස් කිරීම සදහා දීප ව්‍යාප්තව පවත්වන දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලේ දෙවන වැඩසටහන, 

සහභාගී වූ ගුරු උපදේශකවරුන්ගෙන් කොටසක්.....

පොල්තෙල් පහන දල්වා උළෙල අරඹමින්. . .

මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මැතිතුමා සභාව අමතමින්

වයඹ පළාත්අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගයෙන් හා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වන දා වාරියපොළ අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

Tuesday, September 17, 2013

2014 කාලසටහන නිකුත් කළා.

අලුත් පන්ති කාලසටහන නිකුත් කළා.  ඉරැස්මා පන්ති සියල්ලේ ම තොරතුරු දුරකථන අංක 0112 858411 හා 0714497852 හා 0777961111ඔස්සේ ලබා ගැනීමට පුළුවන.